යලි පුබුදන කොටි ත්‍රස්තවදය 0

දසුන් නිමාෂ | 1:03 AM |

 

* ශ්‍රි ලංකාව පමනක් නොව මුලු ලෝකයේම පැතිරී පවතින කොටි ත්‍රස්තවදය දේඉශීය වශයෙන් පෙනෙන තරමට පරාජය කලත් එහි පතුලට විහිදුනු මුල් සියල්ලම එලෙසම පවතී. ජාත්‍යන්තර වශයෙන් සලකන විට කොටි ත්‍රස්තවාදය පරාජය වූයේම නැත.

* කොටි ත්ර්යාතස්තවදය යනු දෑසට පෙනෙන ශරීර වලට පමණක් සීමා වූ දෙයක් නොවේ. එය මනස හා ක්‍රියාත්මක වන සිතුවිලි වලින්ම උපදින පවතින එමෙන්ම ක්‍රියාත්මක වන දෙයකි.

* මිනිස් ශරීරය පමනක් නොව සියලුම සත්ව ශරීර මෙහෙය වන එකම බලවේගය සිත හෙවත් මනසය. මෙම මනස ගැන පූර්ණ විග්‍රහයක් කල හැකි එකම උත්තරීතර මනුෂ්‍යා වන්නේ වෙන කවුරුත් නොව ලොවුතුරා බුදුන් වහන්සේ පමණි.

* අද ත්‍රස්තවාදයට නැවතත් ජීවය ලබා දීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව ක්‍රියා කරන එක්සත් ජාතික පක්ෂයේ නායකයින් මෙන්ම ආගම අබින් බවට පත්කල ජෙ.වි.පි නායකයින් ද ජාතියේ ජේශ්ඨතම වස්තුව වන දළදා සමිදු වැද පුදා ගෙන ත්‍රස්තවාදයට යලි පන ලබා දීම සදහා අවසර ලබා ගැනීමට මුලින්ම යන්නේ මහ නුවර දළදා මැදුරටය. ඉන් පෙනී යන්නේ වෛරයෙන් ගිනි තැබීමට සූදානම් වන අයටද දළදා සමිදුන්ගේ පිහිට අවශ්‍ය වන බවය..


* අපට වඩා හොදින් විප්ලව ගැන දන්නේ මිනිසුන්ට ඔවුනොවුන් මරා ගැනීමට පාඩම් කියා දෙන පන්ති බේදයක් ගැන කතා කරන ජනතා විමුක්ති පෙරමුණය. ප්‍රතිවිප්ලවය යනු විප්ලවයකින් පසු විප්ලවයකට එරෙහිව පැන නගින ප්‍රති විරුද්ධ විප්ලවයන්ය. ඩන් මේ සිදුවන්නේ ත්‍රස්තවාදය පැරදවූ විප්ලවය ආපස්සට ගෙන යාමට කරන වෑයමකි..

* දේශීය වශයෙන් කොටි ත්‍රස්තවාදය මුලින් උපුටා දැමුවා යයි අප උදම් ඇනුවද එය අලු යට පවතින ගින්දර මෙන් නොපෙනෙන ආකාරයෙන්ම පවතී. ඉතා මෑතකදී වවුනියාවේදී ක්ලේමෝ බෝම්බයක් කොළබට ගෙන ඒමට තැත් කල කොටි ත්‍රස්තවාදියෙකු අත්තඩංගුවට ගැනීමෙන් පසුව කල ප්‍රශ්න කිරීම් වලදී තව්ත් එවැනි බෝම්බ 12 ක් නැගෙනහිර පළාතෙන් සොයාගත හැකිවිය..

* කොටි ත්‍රස්තවාදය ජත්‍යන්තර වශයෙන් සලකන විට පෙර පැවතියාටත් වඩා බටහිර රටවල අධාර උපකාර ඇතිව හොර රහසේ වර්ධනය වන බව දක්නට ලැබේ. රටින් පිට ආන්ඩුවක් කොටි ත්‍රස්තවාදය විසින් පිහි‍ටුවා සගවාගෙන සිටින බව මෙම දෙපක්ෂයම නොදන්නවා නොවේ. ඒ සියල්ල වසන් කරන්නේ දරුණුම ත්‍රස්තවාදය පරාජය කර සාමයේ පහන් දැල්වීමට පුනපුනා බලා සිටින අපේ රට යලිත් ලේ විලක් බවට පත් කිරීමට එ.ජා.ප හා ජෙ.වි.පෙ යන ලේ පිපාසිතයින්ට අවශ්යවී අති නිසාය. ඒ නිසා මේ ලේ පිපාසිතයින්ටත් ඊට නායකත්වය දෙන ෆොන්සේකා මහතාටත් නුදුරු කාලයේදීම සම්‍යක් දෘෂ්ඨික දෙවියන්ගෙන් පාඩම් ඉගෙන ගැනීමට සිදුවනු ඇත..

0 Responses So Far: