රාජ්‍ය විශ්වවිද්‍යාල සහ පුද්ගලික විශ්වවිද්‍යාල ( සංවාදයට විවෘතයි ) 4

දසුන් නිමාෂ | 8:51 AM |

ශ්‍රී ලංකාවේ උසස් පෙළ අවසන් කරන සිසුන්ගෙන් විශ්වවිද්‍යාල වරම් හිමිවන්නේ ඉතා සුලු පිරිසකට පමනයි. ඒ අප රටේ විශ්වවිද්‍යාලවල ඉඩ පහසුකම් සීමිත නිසා. ඉතා වසනාවන්ත ලෙස විශ්වවිද්‍යාල වරම් ලබන සමහරක් සුපිරි මීටර් වල පාට මාරු වෙන්නේ ඒ විශ්වවිද්‍යාලවල ටික කලක් අධ්‍යයන කටයුතු කරගෙන යන අතරෙදියි. මේ කාලයේදී ඔවුන්ට එක එක ලෙඩ බෝවෙනව. මුල අමතක වීම මේ අතරින් ප්‍රධානයි.

එක එක දේශපාලන පක්ෂවල ප‍ටු අරමුණු ඉ‍ටු කර ගැනීම පිණිස කඩේ යන සහ කුලියට කහින එම සුලුතරය පුද්ගලික විශ්වවිද්‍යාල හදුන්වන්නේ උපාධි කඩ කියල. ඊට ප්‍රධාන හේතුව ඔවුන් කඩයක් යන්නෙහි නියම තෙරුම නොදන්නාකම විය හැකිය. කඩයක් යනු තම නිෂ්පාදනය පාරිභෝගිකයා හට අලෙවි කිරීම සදහා ඔවුන්ට උපරිම පහසුකම් ලබාදෙන ස්ථානයකි. එම නිෂ්පාදනය තමා සතු කර ගැනීම පාරිභෝගිකයාට කිසිදු වෙහෙසක් දැරිය යුතු නැත. අවශ්‍ය වන්නේ මුදල් පමණක්ය.

පුද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහිව කෑගසන එම සුලුතරය සිතන අන්දමට නම් මුදල් ඇති ඕනෑම අයෙකුට උපාධියක් හිමිකර ගත හැක. මේ ඔවුන් සිතා සිටින අන්දමයි.






පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගනීමට අතිවිශාල මුදලක් වැයවේ. සමහර ධනපතීන්ට නම් එය එතරම් ගැටලුවක් නොවේ. එහෙත් විශ්වවිද්‍යාල වරම් අහිමි වුවත් වැඩිදුර අධ්‍යාපනයට කැමති අඩු අදායම්ලබී පවුල් වල දරුවන් බොහෝමයක් පුද්ගලික විශ්වවිද්‍යාලවල සිටිති. එම දෙමාපියන් බලන්නේ තම ඉඩකඩම් උගස්කොට හෝ තම දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීමටය. මේ අනුව දේශපාලන පක්ෂවල ප‍ටු අරමුණු ඉ‍ටු කර ගැනීම පිණිස කඩේ යන රාජ්‍ය විශ්වවිද්‍යාලවල සමහරක් සහෝදරයින් එරෙහි වන්නේ ඔවුන් වගේම තවත් සහෝදර සහෝදරියන් පිරිසකගේ අනාගතයට පමණක් නොව ඔවුන්ගේ අහිoසක දෙමාපියන්ටත්ය.

පුද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක් හිමිකර ගැනීම පහසු එතරම් පහසු කටයුත්තක් නොවේ. සිලලුම විභාගයන් නියම ජත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුවේ. එක් subject එකක් repeat වුවහොත් ඒ වුනුවෙන් ද විශාල මුදලක් වැයකිරීමට සිදුවේ. රාජ්‍ය විශ්වවිද්‍යාලවල එසේ නොවේ.දේශපාලන පක්ශ වලට කඩේ යමින් උපාධිය නිමකරන තෙක් නාකි වෙනකම් උවද ඔවුනට විශ්වවිද්‍යාලය තුල සිටිය හැක.

ඔවුන් මෙලෙස බොරුවට කෑගසන්නේ ‍රැකියාසදහා ආයතන වලට ගන්නා උපාධිධාරීන්ගෙන් වැඩි පිලිගැනීමක් රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට තිබේදීත්ය. උදාහරනයක් ලෙස රජයේ උපාධිධාරයෙකුගේ වැ‍ටුප Rs 60000/= පමන වේ නම් පුද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිධාරයෙකුගේ වෙ‍ටුප Rs 30000/= ක් පමන වේ. මේ වර්තමානයේ සැබැ තත්වයයි.

සමහරක්ගේ ඔවුමනාව මත විශ්වවිද්‍යාල කොමිශන් සභාව විසින් පුද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිය තත්වයෙන් බාල කිරීම සදහා නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව නොරහසකි.

අපි එසේ කිරීමට ඉඩ නොතබමු..

ඔබගේ අදහස්ද comment එකකින් දක්වන්න...

4 Responses So Far:

Anonymous said...

ඔබගේ ලිපියේ සමහර කරුණු සමඟ පමනක් එකඟවන්නට සිදුවන්නේ ඔබ ප්‍රශ්නයේ එක පැත්තක් පමනක් බලන බැවිණි. මම කා වෙනුවෙන්වත් කහින්නේ නැති බවත්, පෞද්ගලික වි.වි.වලට විරුද්ධ නැති බවත් සඳහන් කලයුතුය.
ඔබගේ චොදනාවලට (උදා:1. රජයේ උපාධිධාරයෙකුගේ වැ‍ටුප Rs 60000/= පමන වේ නම් පුද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිධාරයෙකුගේ වෙ‍ටුප Rs 30000/= ක් පමන වේ, 2.විශ්වවිද්‍යාල කොමිශන් සභාව විසින් පුද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිය තත්වයෙන් බාල කිරීම සදහා නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව නොරහසකි) කිසිම සාක්ෂියක් ඔබ සපයා නැති බැවින් එවා ඔබ විසින් සෑදු කට කථා යැයි යමෙකුට කිව හැකිය.
රජයේ ව්.වි. ජේශ්ඨ කථිකාචාර්‍ය තනතුරකටත් (ආචාර්‍ය උපාදියත් සහිතව) ගෙවන්නේ රු 45000ක් පමණයි.
මා මේ ගැන ලියු කොටස් දෙකකින් යුත් ලිපියේ දෙවැනි කොටස මෙතැනින් කියවිය හැක.
http://muditha05.wordpress.com/2010/05/10/should-we-privatize-higher-education-part2/

දසුන් නිමාෂ said...

මට පෙනෙන විදියට සහෝදරය මෙය තේරුම් අරන් තියෙන්නේ වරදි ආකාරයකටය
"මම කා වෙනුවෙන්වත් කහින්නේ නැති බවත්, පෞද්ගලික වි.වි.වලට විරුද්ධ නැති බවත් සඳහන් කලයුතුය."
මා ඔබ එලෙස කරනවා කියා ලිපියේ කොතනවත් සදහන් කර නැත. මා කියා අත්තේ එලෙස කරන සුලුතරයක් ගැනය.
තවද සහෝදරය මා මේ වැ‍ටුප් ගත්තේ උදාහරණයක් ලෙස පමණි. ඒ රාජ්‍ය වි.වි උපාධිධරයෙකුගේ ව‍ටුපට සාපේක්ෂව පුද්ගලික වි.වි උපාධිධරයෙකුගේ ව‍ටුපට හරි අඩක් පමන වන බව පෙන්වීමට පමනි.

ඔබගේ 2 චෝදනාවට පිළිතුර නම් අප රටේ විශාලතම පුද්ගලික වි.වි වන ආයතනයක ගෞරව උපාධි දීම ඉදිර වසරේ සිට අහෝසි කාර ඇත.
( ආයතනයේ නම සදහන් කිරීම නොසුදුසු නිසා එය සදහන් නොකරමි )

මා සදහන් කල රාජ්‍ය වි.වි වල සමහරක් යන්න හොදටම වටහා ගන්න 2010 මැයි 16 රිවිර පුවත්පතේ මුල් පි‍ටුව බලන්න.

තවද අදහස් දැක්වුවාට ස්තුතියි...

සූර සරදියල් said...

http://lowethne.blogspot.com/2010/11/blog-post_06.html
මගේ අදහස්

Thilina Piyasundara said...

මගේ අදහස පෞද්ගලික වි.වි. වලට "උපාධි කඩ" කරන්න හමිබවෙන්නෙ නෑ... මොකද අධ්යාපනයට තියන ඉල්ලුම නිසා.. මම එහෙම කියන්නෙ පෞ.වි.වි. තමුන්ගෙ වගකිම පැහර හරියොත් මිනිස්සු ඒක ප්‍රතික්ෂේප කරනවා.. දැන් ජාතික පාසල් වලටත් වෙලා තියෙන්නෙ ඕක නෙවයිද...? මට හීතෙන්නෙ පෞ.වි.වි. වලට අකුල් හෙලන්නෙ වැඩිහරියක් මොකක් හරි වාසනාවකට ඒකට ගියත්(දැනුම තිබ්බති ) වඩක් කරගන්නෙ බරි අයයි... ඒ අය බයයි වෙන කෙනෙක් තමන්ට වඩිය හොඳට ඒ වැඩේ කරයි කියල... මේක හුදෙක් ඉරිසියවට කරන වඩක්... ඒ වගේම රාජ්‍ය වි.වි. පෞ.වි.වි. කරනවටත් අකමැති බව කියන්න ඕනේ... (ගොනා හැරෙන්නෙ පොල් පලේටද දන්නෙ නෑනේ... ) මොකද ඒකෙන් ගොඩයන අය ඉන්න නිසා... හැබැයි ඉතින් රා.වි.වි ඉගෙන ගත්තු අය (campus වලින් එලියට ආපු අය... ) දාන සෙල්ලම් දැක්කම නම් .........